• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය ගමනාන්ත කළමනාකරණ සමාගම්, හෝටල් හිමියන් සහ මාර්ගගත සංචාරක නියෝජිතයින් විසින් සිදු කරනු ලබන ගෝලීය ප්‍රවර්ධන කාර්යයන් සඳහා කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමය
- පශ්චාත් කොවිඩ් තත්ත්වය යටතේ දේශීය ගමනාන්ත කළමනාකරණ සමාගම්, හෝටල් හිමියන් සහ මාර්ගගත සංචාරක නියෝජිතයින් විසින් සිදු කරනු ලබන ගෝලීය ප්‍රවර්ධන කාර්යයන් සඳහා කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සැලසුම් කර ඇත. ඒ යටතේ සුදුසුකම් ලබන ආයතන සඳහා 2022 වර්ෂයේදී මාස 06ක උපරිම කාලසීමාවක් සඳහා එම සහනය ලබා දීමට අපේක්ෂා කරනු ලබයි. යෝජිත වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් යටතේ රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, යෝජිත ආධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.