• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ හංගේරියාවේ විදේශ කටයුතු හා වෙ‍ෙළඳ අමාත්‍යාංශය අතර ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
- දෙරට අතර පවතින සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් හංගේරියාවේ විදේශ කටයුතු හා වෙ‍ෙළඳ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විදේශීය සිසුන් සඳහා වන 'STEPENDIUM HUNGARCUM' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2022-2024 කාලසීමාව තුළ ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. එම වැඩසටහන යටතේ ප්‍රථම උපාධි 08ක්, පශ්චාත් උපාධි 08ක් සහ ආචාර්ය උපාධි 04ක් හැදෑරීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට අවස්ථාව හිමි වනු ඇත. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ හංගේරියාවේ විදේශ කටයුතු හා වෙ‍ෙළඳ අමාත්‍යාංශය අතර එකී අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.