• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ එක්සත් රාජධානියේ මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත රජය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
- දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගිතාව වැඩිදියුණු කර ගැනීම සහ එක්සත් රාජධානියේ සේවය කරනු ලබන සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම ඇතුළු දෙපාර්ශ්වය එකඟ වන කරුණු සම්බන්ධව ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා එකඟතාවකට පැමිණ ඇත. විශේෂයෙන්ම එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් අනතුරුව එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජනනය වෙමින් පවතින රැකියා අවස්ථා ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට ඒ යටතේ හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස කම්කරු අමාත්‍යතුමා, විදේශ අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.