• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිවසක් හෝ නිවසක් ඉදි කිරීමට ඉඩමක් හෝ නොමැති, කුළී පදනම මත ජීවත්වන පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය
- නිවසක් හෝ නිවසක් ඉදි කිරීම සඳහා ඉඩමක් හෝ නොමැති වීම හේතුවෙන් කුළී නිවාසවල ජීවත් වන, සැබෑ නිවාස අවශ්‍යතාවක් ඇති අඩු මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට දැරිය හැකි මිලකට ස්ථිර නිවාස ලබා දීමේ අරමුණින් "සොඳුරු මහල් නිවාස" නමින් නිවාස වැඩසටහනක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත. මෙම වැඩසටහන යටතේ තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට රුපියල් 500,000/- ක මූලික මුදලක් ගෙවීමට හැකියාව තිබිය යුතු අතර, නිවසේ වටිනාකමින් ඉතිරි කොටස වර්ෂයක් තුළ වාරික වශයෙන් අය කරනු ඇත. අවශ්‍යතාව පරිදි බැංකු මඟින් ණය මුදලක් ලබා ගැනීමට ද තෝරගනු ලබන ප්‍රතිලාභීන්ට අවස්ථාව සලසා දෙනු ඇත. ඒ අනුව, එකී නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, එම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු රන්පොකුණගම පිහිටි ඉඩම් කොටසක නිවාස 72ක් ඉදි කිරීමටත්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.