• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බුත්ගමුව ඇළ වර්ෂා කාලවලදී උතුරා යාම හේතුවෙන් පීඩාවට පත් වන පවුල් සඳහා නිවාස ලබා දීම
- නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන දැනට දිස්ත්‍රික්ක 14ක ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ පවුල් 1558ක් නැවත පදිංචි කර ඇත. එසේම, නායයෑම් අවදානමක් නොමැති වුවද වෙරළ ඛාදනය, ගංඉවුරු ඛාදනය, නිරන්තරයෙන් ගංවතුරට යට වීම වැනි ආපදාවන්ගෙන් නිරතුරුව පීඩාවට පත් වන පවුල් වෙනත් ස්ථානයක පදිංචි කිරීම සඳහා එවැනි පවුල් ද නැවත පදිංචි කිරීමේ වැඩසටහනට ඇතුළත් කර ගැනීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර ‍කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 514 වැලිකඩ නැ‍ඟෙනහිර ග්‍රාම නිලධාරි වසමේ බුත්ගමුව ඇළ වර්ෂා කාලවලදී උතුරා යාම හේතුවෙන් නිරන්තරයෙන් ඇති වන ජල ගැලීම් තත්ත්වයෙන් පීඩාවට පත් වන පවුල් 42ක් වෙනත් ස්ථානයක නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. එම පවුල් 42 ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් කර නාගරික සංවර්ධන අධිකාරිය විසින් අඩු ආදායම්ලාභීන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන මහල් නිවාස ව්‍යාපෘතිවලින් නිවාස 42ක් එකී පවුල් සඳහා ලබා දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.