• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ව්‍යාපෘතිය
- ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ‍යට අදාළව දැනට ඉන්දීය රජය සමඟ පවතින ගිවිසුම් ත්‍රිත්වය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මඟින් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට විසින් එකඟතාවකට එළඹ ඇත. ඒ අනුව, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කිරීමටත්, ලංකා අයි.ඕ.සී. සමාගම දැනටමත් භාවිතට ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14 එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීමටත්, ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට 51%ක් සහ ලංකා අයි.ඕ.සී. සමාගමට 49%ක් කොටස් අයිතිය හිමිවන පරිදි ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් (ප්‍රයිවට්) ලිමිටඩ් නමින් ස්ථාපිත කරනු ලැබ ඇති සමාගම මඟින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.