• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීමට අදාළව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 සංශෝධනය කිරීම
- ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීම පිණිස 2018 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර එවකට පැවති විශේෂ වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවලිය පදනම් කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා 2022 වර්ෂයේ අයවැය යෝජනා මඟින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ද පියවර ගනු ලැබ ඇත. 2018 වර්ෂයේදී අදාළ වැටුප් යෝජනාවලිය පිළියෙල කරන අවස්ථාවේදී ගුරු උපදේශක සේවය ස්ථාපිත වී නොතිබූ බැවින්, එම සේවය සඳහා ද වැටුප් පරිමාණ ඇතුළත් කරමින් ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 සංශෝධනය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.