• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් ‍ෙකටුම්පත සහ 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට සංශෝධන සඳහා වන පනත් ‍ෙකටුම්පත
- 2021 සහ 2022 අයවැය මඟින් මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකි වන පරිදි විවිධ ව්‍යවස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවට මාර්ගගත ක්‍රමයට කළමනාකරණය කරනු ලබන තනි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර ඇත. එසේම, 2022 අයවැය මඟින් මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද වැඩි කිරීමට සහ වසංගත හෝ මහජන සෞඛ්‍ය තත්ත්වයන් යටතේ රජයේ රෝහල්වලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරනු ලබන වෛද්‍ය උපකරණ, උපාංග සහ රසායනික ද්‍රව්‍ය ආදිය එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමටත් යෝජනා කර තිබේ. නීති කෙටුම්පත් සම්පාදක විසින් එම කාර්යයන් වෙනුවෙන් සකස් කරන ලද විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සඳහා සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත. ඒ අනුව, එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.