• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජීප් රථ 750ක් මිල දී ගැනීම
- පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහා ජීප් රථ 150ක් ඇතුළුව ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජීප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (Indian Line of Credit) යටතේ මිල දී ගැනීම පිණිස 2020 නොවැම්බර් මස 16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සමාගම් වෙතින් ලංසු කැඳවා ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය ඉන්දියාවේ මහීන්ද්‍රා සහ මහීන්ද්‍රා සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදි‍රිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.