• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙරපනම් එන්නත් ග්‍රෑම් 1 වයල්ස් 1,800,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- බැක්ටීරියා මඟින් ඇති වන ශ්වසන මාර්ගය ආශ්‍රිත ආසාදන ඇතුළු විවිධ ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන මෙරපනම් එන්නත් ග්‍රෑම් 1 වයල්ස් 1,800,000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ඉදිරිපත් වී ඇත. එකී ලංසු ඇගයීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි ප්‍රථම කොට මුළු එන්නත් අවශ්‍යතාවයෙන් 25%ක් සැපයිම සඳහා වන ප්‍රසම්පාදනය සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරු වන ඉන්දියාවේ වීනස් රෙමඩීස් සමාගම වෙත පිරිනැමීමටත් එන්නතේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවසාන පරිශීලකයින්ගේ නිර්දේශ මත පදනම්ව ඉතිරි 75%ක ප්‍රමාණය පිරිනැමීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහාත් සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.