• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්ත:ශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබින් බීපී ග්‍රෑම් 5-6 වයල්ස් 75,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- ජීවිත අවදානම් තත්ත්වයන් සහිත රෝගවලින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන හියුමන් ඉමියුනොග්ලොබින් බීපී ග්‍රෑම් 5-6 වයල්ස් 75,000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය ඉන්දියාවේ රිලයන්ස් ලයිෆ් සයන්ස් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.