• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමුපකාර චතුරස්‍රය ඉදි කිරීම ව්‍යාපෘතියේ උපදේශක සේවා කොන්ත්‍රාතතුව ප්‍රදානය කිරීම
- සමුපකාර චතුරස්‍රය නමින් සමුපකාර වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිණිස 2021 අගෝස්තු මස 02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘතිය යටතේ සියලුම ක්ෂේත්‍රයන්ට අදාළ උපදේශක සේවා ලබා ගැනීම පිණිස උපදේශක ආයතනයක් තෝරා ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ආයතන 7ක් කෙටි ලැයිස්තුගත කර ඇත. ඉන් ආයතන 6ක් විසින් අදාළ ප්‍රසම්පාදනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව මිහිඳු කීර්තිරත්න ඇසෝසියේට්ස් සමාගම වෙත පිරිනැමීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.