• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- සහල් විද්‍යාව හා ආශ්‍රිත අධ්‍යයන ක්ෂේත්‍රයන්ට අදාළ විවෘත හා දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේදයන්ට ගැලපෙන පාඨමාලා සංවර්ධනය කිරීම, සංවිධාන හා පර්යේෂණ සාමාජිකයන් හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීම, ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති පැවැත්වීම හා සම්මන්ත්‍රණ සංවිධානය කිරීම සහ පර්යේෂණ, ප්‍රකාශන සහ තොරතුරු හුවමාරු කර ගැනීම ආදී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් 2017 ඔක්තෝබර් මස 19 වන දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. එකී අවබෝධතා ගිවිසුමේ කාලය තවත් වසර 03කට දීර්ඝ කරමින් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කර ගෙන තිබේ. ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.