• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පනත යටතේ හානිපූරණ ප්‍රදාන සඳහා ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ
- හානිපූරණය කිරීම සඳහා පීඩාවට පත් තැනැත්තන් හඳුනාගැනීම සහ උචිත වන පරිදි තනි සහ සාමූහික වශයෙන් හානිපූරණ ප්‍රදානය කිරීම සඳහා 2018 අංක 34 දරන පනතේ විධිවිධාන පරිදි හානිපූරණ කාර්යාලය ස්ථාපිත කර ඇත. හානිපූරණ ප්‍රදානය කිරීම සඳහා වන ප්‍රතිපත්ති සකස් කිරීම සහ පීඩාවට පත් තැනැත්තන්ගේ යෝග්‍යතාව තීරණය කිරීම සඳහා වන නිර්ණායක පිළියෙල කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම එම පනතේ 11 වන වගන්තියේ විධිවිධාන පරිදි හානිපූරණය කාර්යාලය විසින් සිදු කළ යුතු වේ. ඒ අනුව, එම කාර්යාලය විසින් අදාළ පාර්ශ්වයන් විමසමින් ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ සකස් කරනු ලැබ ඇත. එකී ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.