• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 අංක 01 දරන සිවිල් ගුවන්සේවා (සේවක පිරිස් සහ පුහුණු කිරීමේ ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ) නියෝගය
- චිකාගෝ සම්මුතිය යටතේ රජය වෙත පැවරී ඇති ජාත්‍යන්තර වගකීම සහ සුරක්ෂිතතා හා ආරක්ෂිත පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවාවේ තිරසර වර්ධනය සහතික කිරීමේ අරමුණින් 2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනතේ විධිවිධාන පරිදි 2018 අංක 01 දරන සිවිල් ගුවන්සේවා (සේවක පිරිස් සහ පුහුණු කිරීමේ ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ) නියෝගය අංක 2078/22 දරන 2018 ජුලි මස 03 දිනැති අති වි‍ශෙෂ ගැසට් පත්‍රයේ පළ කර නිකුත් කරනු ලැබ ඇත. සිවිල් ගුවන්සේවා පනතේ 119 වන වගන්තිය අනුව ගැසට් පත්‍රයේ පළ කරනු ලබන සෑම නියෝගයක්ම කඩිනමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, 2018 ජූලි මස 03 දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇති එකී නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.