• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනප්‍රිය ගායිකා යොහානි දිලෝකා ද සිල්වා කලාකාරිනිය වෙත ඉඩම් කොටසක් ලබා දීම
- ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දී ඇති ජනප්‍රිය ගායිකා යොහානි දිලෝකා ද සිල්වා කලා ශිල්පිනිය ඇගයීමට ලක් කළ යුතු බවට විවිධ පාර්ශ්වයන් වෙතින් මෙන්ම පාර්ලිමේන්තුවේදී ද යෝජනා වී ඇත. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ල රොබ්ට් ගුණවර්ධන මාවතේ පිහිටි, 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත 99 අවුරුදු බදු පදනම මත ලබා දී ඇති ඉඩම් කොටස්වලට යාබදව පිහිටි පර්චස් 9.68ක ඉඩම් කොටසක් යොහානි දිලෝකා ද සිල්වා කලාකාරිනිය වෙත රජයෙන් පිරිනමනු ලබන ත්‍යාගයක් වශයෙන් ලබා දීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.