• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 වසංගතයෙන් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා සහන ලබා දීම
- කොවිඩ් - 19 වසංගතයෙන් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමේ අරමුණින් සංචාරක නවාතැන් පහසුකම් සපයන්නන් වෙත විදුලි බිල්පත් ගෙවීම සඳහා 2021 පෙබරවාරි මස 28 දින දක්වා සහන කාලයක් ලබා දීමට 2021 ජනවාරි මස 18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. එහෙත්, 2021 අප්‍රේල් මාසයේ සිට කොවිඩ් - 19 වසංගතය නැවත ව්‍යාප්ත වීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත වර්ධනය සිදු නොවූ බැවින්, සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, එකී සහන කාලය 2021 මාර්තු මස 01 දින සිට තවත් වසර දෙකක කාලයක් සඳහා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.