• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රබර් නැවත වගාව හා නව වගාව සඳහා ලබා දෙන සහනාධාර වාරික ගණන සංශෝධනය කිරීම
- රබර් වගාව දිරි ගැන්වීම සඳහා දැනට ක්‍රියාත්මක වන ආයෝජන සහනාධාර ක්‍රමවේදය අනුව හෙක්ටයාරයකට ලබා දෙන සහනාධාරය නැවත වගාව සහ නව වගාව සඳහා වාරික 8කින් වසර 7ක් තුළ ගෙවනු ලබයි. ඒ අනුව, නැවත රබර් වගා කිරීම සඳහා හෙක්ටයාර එකකට රුපියල් 350,000/-ක් ද, අලුතින් රබර් වගා කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 300,000/-ක් ද වශයෙන් වාරික 8කින් ගෙවනු ලබයි. දැනට ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයේ පවතින අඩුපාඩු මග හරවාගෙන රබර් වගාව සඳහා වගාකරුවන් පෙළඹවීමේ අරමුණින්, අදාළ මුදල වෙනස් කිරීමකින් තොරව, රබර් නැවත වගාව සඳහා සහ නව වගාව සඳහා ගෙවනු ලබන සහනාධාර මුදල වාරික 05කින් ගෙවීමටත්, එසේම, පැළ සිටුවා වසර 05ක් අවසන් වීමට පෙර රබර් පැළ සෙන්ටිමීටර 50 දක්වා වර්ධනයක් ලබා ගන්නා රබර් වගාකරුවන් වෙත හෙක්ටයාරයකට රුපියල් 14,000/-ක දිරි දීමනාවක් ගෙවීමටත් වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.