• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරටුව විශ්වවිද්‍යාලය සහ ජපානයේ ඔසාකා නගර විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන හුවමාරුව සහ සහයෝගිතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට එළැඹීම
- මොරටුව විශ්වවිද්‍යාලය සහ ජපානයේ ඔසාකා නගර විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන හුවමාරුව සහ සහයෝගිතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. වසර පහක (05) කාලයක් පුරා බල පැවැත්වෙන මෙම අවබෝධතා ගිවිසුම යටතේ එකී විශ්වවිද්‍යාල අතර මහාචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සහයෝගිතා පර්යේෂණ සහ ඒකාබද්ධ අධ්‍යයන රැස්වීම්, වැඩමුළු පැවැත්වීම, අධ්‍යයන කටයුතු සඳහා තොරතුරු, ප්‍රකාශන සහ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම ආදී ක්‍රියාකාරකම් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.