• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම - බාලවයස්කරුවන්ට මරණ දණ්ඩනය නියම කිරීම
- අධිකරණයේ මතය අනුව වරද සිදු කරන අවස්ථාවේදී වයස අවුරුදු 18ට අඩු කවර හෝ තැනැත්තෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බවට සහ එම දඩුවම වෙනුවට එම තැනැත්තා ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇති තාක් රැඳවුම් භාරයේ තැබීමෙන් දඩුවම් කිරීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය සංශෝධනය කිරීමට පියවර ගනු ලැබ ඇත. එහෙත්, වරද සිදු කරන අවස්ථාවේදී එම තැනැත්තාගේ වයස අවුරුදු 18ට අඩු වන විටෙක දී මරණ දණ්ඩනය පැනවීමෙන් දඩුවම් නොකළ යුතු බවට වන විධිවිධාන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 281 වන වගන්තියේ ඇතුළත් නොවේ. එබැවින්, පවතින අවිනිශ්චිතතාව ඉවත් කිරීම පිණිස අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට ද අදාළ සංශෝධන සිදු කළ යුතු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 281 වන වගන්තිය සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.