• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම
- ඉඩම් සංවර්ධන ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති දීමනා පත්‍රවල ඇතුළත් කරනු ලබන ඇතැම් කොන්දේසි හේතුවෙන් එම දීමනා පත්‍රවලට අයත් ඉඩම් කොටස් උපරිම ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් නොමැති බව නිරීක්ෂණය වීම හේතුවෙන් එකී කොන්දේසි මහජනයාට වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් සංශෝධනය කිරීමට හැකිවනු පිණිස ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2021 ජනවාරි මස 04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරිමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.