• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුණ්ඩසාලේ හෝටල් පාසල ස්ථාපිත කර ඇති ඉඩම ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට පැවරීම
- සත්කාරක ක්ෂේත්‍රයේ සහ සංචාරක කර්මාන්තයේ විවිධ අංශ සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් දිවයිනේ පළාත් නවයම (09) ආවරණය වන පරිදි පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලැබේ. මාර්ග සංවර්ධන අධිකාරිය භාරයේ පැවති හෙක්ටයාර 0.545ක ඉඩමක ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් පාලනය කරනු ලබන කුණ්ඩසාලේ හෝටල් පාසල ස්ථාපිත කර ඇත. එම හෝටල් පාසල 2009 වර්ෂයේ දී රුපියල් මිලියන 450ක් පමණ වැය කර ඉදි කර ඇති නමුත් එකී ඉඩම සඳහා නීත්‍යානූකුල අයිතියක් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය වෙත මෙතෙක් ලැබී නොමැත. එබැවින්, අදාළ ඉඩම් කොටස රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන පරිදි ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය වෙත පවරා ගැනීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.