• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය යාල කලාප අංක VI ලෙස ප්‍රකාශයට පත් කිරීම
- හෙක්ටයාර 23,499කින් සමන්විත යාල නැ‍ඟෙනහිර රක්ෂිත කලාපය සහ උඩවලව ජාතික වනෝද්‍යානයේ බටහිර කොටසක්, සංක්‍රමණය වන අලින්ගේ නවාතැන් පොළක් වශයෙන් 1995 වසරේදී "ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය" ප්‍රකාශයට පත් කර ඇත. මෙම ජාතික උද්‍යානය යාල ජාතික උද්‍යානයට සමාන කාලගුණික ලක්ෂණවලින් සමන්විත වන අතර ජාතික උද්‍යාන දෙකෙහි වාසය කරන සත්ත්ව විශේෂයන් ද සමාන වේ. එබැවින්, එක සමාන වූ කාලගුණික ලක්ෂණ, ජෛව විවිධත්වය හා පාරිසරික ලක්ෂණවලින් සමන්විත ජාතික උද්‍යාන දෙකක් වශයෙන් පවත්වාගෙන යාම වෙනුවට ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය, යාල ජාතික උද්‍යානයේ කලාප අංක VI වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පිණිස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.