• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණ විශ්වවිද්‍යාලය සහ ජපානයේ හොක්කයිඩෝ බන්කියෝ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- දෙපාර්ශ්වය අතර උසස් අධ්‍යාපනික සහයෝගිතාව සඳහා රුහුණ විශ්වවිද්‍යාලය සහ ජපානයේ හොක්කයිඩෝ බන්කියෝ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. වසර පහක (05) කාලයක් පුරා බල පැවැත්වෙන මෙම අවබෝධතා ගිවිසුම යටතේ පීඨ, පර්යේෂකයන් සහ අනෙකුත් පර්යේෂණ සහ පරිපාලන කාර්යමණ්ඩල හුවමාරු කර ගැනීම, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දෙපාර්ශ්වය අතර ඒකාබද්ධ පර්යේෂණ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, ශාස්ත්‍රීය තොරතුරු සහ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම ආදී ක්‍රියාකාරකම් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.