• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෙර පැවති ගෘහමූලික ලැයිස්තුව වෙනුවට 'ඉ-ග්‍රාම නිලධාරි' ව්‍යාපෘතියේ ප්‍රජාපාදක දත්ත පද්ධතිය භාවිත කිරීම
- ගෘහමූලික ලැයිස්තු පවත්වාගෙන යාමේ ක්‍රමවේදය මේ වන විට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පුද්ගලයින්ගේ පදිංචියට අදාළ සහතික නිකුත් කිරීමේදී ඡන්ද හිමි නාමලේඛනය වැනි වෙනත් තොරතුරු පදනම් කරගෙන ග්‍රාම නිලධාරින් විසින් කටයුතු කිරීම මත විවිධ ගැටලු පැන නැගී තිබේ. මේ වන විට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ 'ඉ-ග්‍රාම නිලධාරි' (e-GN) ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, ඒ යටතේ ගෘහ හා පුරවැසි දත්ත පද්ධතියක් සකස් කෙරෙමින් පවතින අතර එම ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ග්‍රාම නිලධාරි වසම් 14,022කම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම ප්‍රජාපාදක දත්ත පද්ධතිය මගින් පුද්ගලයෙකුගේ වර්තමාන පදිංචිය වඩාත් නිවැරදිව සනාථ කර ගත හැකි වේ. ඒ අනුව, පෙර පැවති ගෘහමූලික ලැයිස්තු ක්‍රමයේ අවශ්‍යතාව සඳහා ජාතික දත්ත පද්ධතිය වශයෙන් 'ඉ-ග්‍රාම නිලධාරි'(e-GN) ව්‍යාපෘතියේ දත්ත පද්ධතිය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.