• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය සඳහා බහුපාර්ශ්වික ප්‍රවේශය ශක්තිමත් කිරීම
- ඩෙංගු රෝගය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වී තිබෙන අතර, 2021 වර්ෂයේ නොවැම්බර් මාසය වන විට රෝගීන් 25,910ක් සහ මරණ 19ක් සිදු වී ඇති බවට වාර්තා වී ඇත. මෙලෙස, ඉතා අවදානම් මට්ටමකට ළඟා වී ඇති ඩෙංගු ව්‍යාප්තිය මෝසම් වැසි කාලයේදී තවදුරටත් උත්සන්න වීමේ ප්‍රවණතාවක් ද පවතින බැවින් වසංගත තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් යුතු ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ඩෙංගු රෝගය වැළැක්වීමේ සහ පාලන ක්‍රියාකාරකම් ස්ථිරව පවත්වාගෙන යාම සඳහා සෑම ආයතනයකම ඒ සඳහා වෙන් වූ නිලධාරියෙකු නම් කිරීම

* දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී කරුණු සමාලෝචනය කොට අවශ්‍ය පියවර ගැනීම

* ඩෙංගු රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් වන පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ බිම් මට්ටමේ සම්බන්ධීකරණ කටයුතුවල වගකීම පළාත් ආණ්ඩුකාරවරුන් වෙත පැවරීම

* ඩෙංගු රෝගය වැළැක්වීමට අදාළව දැනට පවත්නා නීතිරීති යාවත්කාලීන කිරීම

* ඩෙංගු රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් වන සමස්ත කාර්යයන් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ජාතික ඩෙංගු මර්දන ඒකකය වෙත පැවරීම