• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් මුදලක් ප්‍රදානය කිරීම
- පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේ කර්මාන්තශාලාවක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටි ප්‍රියන්ත කුමාර දියවඩන මහතා 2021 දෙසැම්බර් මස 03 දින මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබ ඇත. විගමනික සේවකයෙකු වශයෙන් ඔහු විසින් වසර 11කට අධික කාලසීමාවක් තුළ ශ්‍රී ලංකා ආර්ථිකයට කරන ලද පුළුල් දායකත්වය සැලකිල්ලට ගෙන, ඔහුගේ මරණය හේතුවෙන් අසරණභාවයට පත් බිරිඳ හා දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් මානුෂීය පදනම මත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුබසාධක අරමුදල මඟින් රුපියල් මිලියන 2.5ක ප්‍රදානයක් ලබා දීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.