• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ හෘද රෝග ඒකකය ස්ථාපිත කිරීම
- අම්පාර දිස්ත්‍රික්කය තුළ හෘද රෝගවලට ගොදුරුවන්නන් හා හෘදයාබාධවලින් මිය යන්නන් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ක්‍රමිකව ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන හෘද රෝගීන් වෙත වඩාත් ඵලදායී සත්කාර සේවාවන් සැලසීම පිණිස අම්පාර මහ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යව තිබේ. ඒ අනුව, අම්පාර මහ රෝහලේ කැතීටකරණ රසායනාගාරය සහිත හෘද රෝග ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා සැලසුම් කර ඇත. එකී ව්‍යාපෘතිය පිරිමැවුම් කර, ඉදිකර භාරදීමේ පදනම මත ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.