• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධ යුක්ති ක්‍රියාවලිය තුළ වෝහාරික මත්ද්‍රව්‍ය විශ්ලේෂණය සම්බන්ධ ධාරිතා වර්ධන ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති ක්‍රියාවලිය තුළ වෝහාරික මත්ද්‍රව්‍ය විශ්ලේෂණය සම්බන්ධ ධාරිතා වර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. එකී ව්‍යාපෘතිය යටතේ මත්ද්‍රව්‍ය හා අධිකරණ ධූලක විද්‍යා රසායනාගාරයේ පරීක්ෂණ උපකරණ වැඩිදියුණු කිරීම, මත්ද්‍රව්‍ය හා අධිකරණ ධූලක විද්‍යාව පිළිබඳව පුහුණුව ලබා දීම හා රසායනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම යන කාර්යයන් ඉටු කිරීමට සැලසුම් කර තිබේ. එකී ප්‍රදානය ලබා ගැනීම පිණිස කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය අතර ‘යොමු කිරීමේ අනුදේශ’ (Terms of Reference) ඇතුළත් ‘සාකච්ඡා වාර්තාවක්’ අත්සන් තැබීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.