• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයීය සංගමය වෙතින් පර්යේෂණ ප්‍රදාන පිරිනැමීම
- පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 50කට වැඩි ප්‍රමාණයක් තුළ 500කට අධික සාමාජික ආයතන ප්‍රමාණයක් සහිතව පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයීය සංගමය පිහිටුවා ඇති අතර, එය 1913 වර්ෂයේදී ආරම්භ කර ඇත. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සහ ඊට පරිබාහිරව වාසය කරන පුද්ගලයින්ගේ සහ සමාජයන්ගේ යහපත උදෙසා උසස් අධ්‍යාපනයේ විශිෂ්ඨත්වය වැඩිදියුණු කිරීම සහ සහාය ලබා දීම මෙම සංගමයේ මෙහෙවර වශයෙන් හඳුනාගෙන තිබේ. "ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ප්‍රජාව අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව දැනුම්වත් කිරීම" යන තේමාව යටතේ එම විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවක් සැලකිල්ලට ගෙන එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් 1000ක පර්යේෂණ ප්‍රදානයක් ලබා දීමට පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයීය සංගමය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එම ප්‍රදානය පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයීය සංගමය වෙතින් ලබා ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.