• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය වෙළඳපොළෙහි සහල් මිල ස්ථායීකරණය සඳහා මියන්මාරයෙන් (බුරුමය) සහල් ආනයනය කිරීම
- හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාමටත් හැකි වන පරිදි සහල් මෙට්‍රික්ටොන් 100,000ක් දක්වා ආනයනය කිරීමට 2021 සැප්තැම්බර් 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත පදනම්ව මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් 20,000ක්, මෙට්‍රික්ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 460ක් බැගින් සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කිරීම පිණිස‍‍‍ වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.