• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- වෙළෙඳපල මිල ස්ථායීකරණය, පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීම සහ දේශීය කෘෂිකර්මය ආරක්ෂා කිරීමේ අරමුණු ඇතිව 2007 අංක 28 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ පළ කරනු ලැබ ඇති නියමයන් ඇතුළත් පහත සඳහන් ගැසට් නිවේදනයන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* 2021 ජූලි මස 18 දිනැති අංක 2236/66 දරන ගැසට් නිවේදනය.

* 2021 අගෝස්තු මස 11 දිනැති අංක 2240/20 දරන ගැසට් නිවේදනය.

* 2021 සැප්තැම්බර් මස 07 දිනැති අංක 2244/8 දරන ගැසට් නිවේදනය.

* 2021 ඔක්තෝබර් මස 11 දිනැති අංක 2249/3 දරන ගැසට් නිවේදනය.

* 2021 ඔක්තෝබර් මස 13 දිනැති අංක 2249/16 දරන ගැසට් නිවේදනය.

* 2021 නොවැම්බර් මස 02 දිනැති අංක 2252/9 දරන ගැසට් නිවේදනය.

* 2021 නොවැම්බර් මස 02 දිනැති අංක 2252/25 දරන ගැසට් නිවේදනය.