• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරයක් ස්ථාපිත කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- ගිලන් වූ හා අසරණ භාවයට පත් වූ භික්ෂුන් වහන්සේලා සඳහා භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන ගලහ භද්‍රවතී ජාතික භික්ෂු මධ්‍යස්ථානය නිත්‍යානුකූල ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට හැකි වන පරිදි භාරයක් ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම පිණිස 2014 ඔක්තෝබර් මස 16 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය ‍විසින් අනුමත කරන ලදී.