• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර ශික්ෂණ ‍රෝහලේ හෘද රෝග සත්කාර සංකීර්ණය ඉදි කිරීම
- සබරගමු පළාතේ වෙසෙන මිලියන දෙකකට ආසන්න ජනතාව වෙත රත්නපුර ශික්ෂණ රෝහල මඟින් සෞඛ්‍ය සේවාවන් සපයනු ලබයි. එම රෝහලේ දැනටමත් හෘද සත්කාරක සේවාවන් පවතින නමුත් ඒ සදහා පවතින ‍භෞතික පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින්, ගැටලු රාශියකට මුහුණ පා ඇත. එබැවින්, එම රෝහල සඳහා අවශ්‍ය පහසුකම් සහිතව හෘද රෝග සත්කාර සංකීර්ණයක් ඉදි කිරීමටත්, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, පිරිමැවුම් කර, ඉදිකර, භාර දීමේ පදනම මත ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පැවරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.