• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ හා ජෛව පද්ධති තාක්ෂණ පීඨය සඳහ‍ා අවශ්‍ය ගොඩනැඟිලි කිලිනොච්චිහි ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව - අදියර 2 ප්‍රදානය කිරීම
- යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ හා ජෛව පද්ධති තාක්ෂණ පීඨය සඳහ‍ා වන ගොඩනැඟිලි ඉදි කිරීමේ ව්‍යාපෘතිය ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන Accelerating Higher Education Expansion and Development (AHEAD) Operation ව්‍යාපෘතිය මඟින් සලසා ගැනීම සඳහා 2019 අප්‍රේල් මස 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතියේ අදියර - 2 යටතේ අදාළ ගොඩනැඟිලි කිලිනොච්චියෙහි ඉදි කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, ලංසු 10ක් ඉදිරිපත් වී තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී ලංසු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ෆෝකස් මාර්කටින් සහ ඉංජනියරින් පුද්ගලික සමාගමට ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.