• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා කාර්මික විද්‍යාල සහ තාක්ෂණ විද්‍යාලවල ඉදිකිරීම් පාඨමාලා සඳහා ධාරිතා වර්ධන ව්‍යාපෘතිය
- ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රම වෙ‍ෙළඳපොළ ඉල්ලීම් සපුරාලන උසස් තත්ත්වයේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දීමේ අරමුණින් තෝරාගත් තාක්ෂණ විද්‍යාලයන්හි හා කාර්මික විද්‍යාලයන්හි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු පාඨමාලා වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක ප්‍රදානයක් ලබා දීමට එකඟ වී ඇත. එම ප්‍රදානය යටතේ මරදාන හා රත්නපුර තාක්ෂණ විද්‍යාලයන්හි සහ රත්මලාන හා මාතර කාර්මික විද්‍යාලයන්හි ඉදිකිරීම් පාඨමාලාවල ධාරිතාව වර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. යෝජිත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ දායකත්වය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 441,000ක් වනු ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය 2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වන කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අදාළ ප්‍රදානය ලබා ගැනීම පිණිස KOICA ආයතනය සමඟ ගිවිසුමකට එළඹීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.