• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත (සංශෝධිත පරිදි) සංශෝධනය කිරීම
- 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත යටතේ දිවයින පුරා ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස බොහොමයක් ආවරණය වන පරිදි සමථ මණ්ඩල ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සමථකරණ ක්‍රියාවලිය තවදුරටත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා එකී පනතට සිදු කළ යුතු සංශෝධන අධිකරණ අමාත්‍යාංශයේ සිවිල් නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එම සංශෝධනයන් ඇතුළත් කරමින් 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.