• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2003 අංක 21 දරන සමථකරණ (විශේෂ වර්ගවල ආරවුල්) පනත සංශෝධනය කිරීම
- සමථකරණය ආරවුල් විසඳීමේ පහසු සහ අඩු වියදම් යාන්ත්‍රණයක් වශයෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පුළුල් පිළිගැනීමකට ලක්ව තිබේ. ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා සුවිශේෂී විශේෂඥතාවක් සහ අර්ථවත් විසඳුම් අවශ්‍ය සමාජ සහ ආර්ථික ගැටලු වශයෙන් සලකනු ලබන ආරවුල් විසඳීමට අදාළ ප්‍රතිපාදන 2003 අංක 21 දරන සමථකරණ (විශේෂ වර්ගවල ආරවුල්) පනතේ ඇතුළත්ව තිබේ. ආරවුලේ ස්වභාවය සහ වර්ගය සලකා විශේෂිත සුදුසුකම් සහිත සමථකරුවන් පත් කිරීමට එම පනත මඟින් අධිකරණ අමාත්‍යවරයා වෙත බලය පැවරී ඇත. එම පනතේ ඇතැම් විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සිවිල් නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ පරිදි 2003 අංක 21 දරන සමථකරණ (විශේෂ වර්ගවල ආරවුල්) පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.