• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- දේශීය සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහාත්, වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟය මඟහරවා ජනතාවට අවශ්‍ය සහල් හිඟයකින් තොරව පහසු මිලට ලබා දීම සඳහාත් අවශ්‍ය පහසුකම් සැපයීම පිණිස 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පනවමින් 2021 නොවැම්බර් මස 03 දිනැති ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.