• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරායේ නැ‍ඟෙනහිර බහළු පර්යන්තය - අදියර II - සිවිල් වැඩ
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් පූර්ණ වශයෙන් මෙහෙයුම් කරන පර්යන්තයක් ලෙස නැ‍ඟෙනහිර බහළු පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, කොළඹ වරායේ නැ‍ඟෙනහිර බහළු පර්යන්තයේ අදියර IIහි සිවිල් වැඩ සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසු 03ක් ලැබී ඇත. එකී ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉංජිනියරින් සමාගම සහ චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි ලිමිටඩ් හවුල් ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.