• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ පැල්වත්ත සහ සෙවනගල ඒකකයන්හි ඉදිකිරීමට යෝජිත පරිසර හිතකාමී ජෛව කාබනික පොහොර නිෂ්පාදනාගාර දෙක (02) සඳහා යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම
- සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ පැල්වත්ත සහ සෙවනගල ඒකකයන්හි පරිසර හිතකාමී ජෛව කාබනික පොහොර නිෂ්පාදනාගාර දෙකක් (02) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2021 සැප්තැම්බර් 13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. යෝජිත කාබනික පොහොර නිෂ්පාදනාගාර ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බැවින් ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ, යන්ත්‍ර නිෂ්පාදනය කරනු ලබන විදේශීය ආයතනයක් වෙතින් සපයාගත යුතුව තිබේ. ඒ අනුව හඳුනාගනු ලැබ ඇති චීනයේ Dongting Lake International සමාගම වෙතින් එකී යන්ත්‍රෝපකරණ සෘජු ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සපයා ගැනීම පිණිස වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.