• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය - අම්බලන්ගොඩ සහ පන්නල ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
- ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ‍එම ව්‍යාපෘතියේ 8 පැකේජයේ ලොට්-B යටතේ අම්බලන්ගොඩ සහ පන්නල ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීමට සහ අතිරේක ට්‍රාන්ස්ෆෝමර් 2ක් සැපයීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ජාතික තරගකාරි ලංසු කැඳවා ඇති අතර ලංසු 04ක් ඉදිරිපත්ව ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව සීලක්ස් ඉංජිනියරින් පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.