• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 තෙවන කාර්තුව අවසන් වන විට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය
- 2021 වර්ෂය තුළ අමාත්‍යාංශ 47ක් යටතේ රුපියල් මිලියන 1,000ක් ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් 332ක් ක්‍රියාත්මක වන අතර ඒවායේ කාලසීමාව 2030 වර්ෂය දක්වා පැතිර පවතී. මෙම ව්‍යාපෘතිවල සමස්ත ආයෝජන වටිනාකම රුපියල් බිලියන 6,899කි. ඒ අතුරින් රුපියල් බිලියන 2,642ක වටිනාකමින් යුත් ව්‍යාපෘති 95ක් "සෞභාග්‍යයේ දැක්ම" රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා 2021 වර්ෂයේදී ආරම්භ කර ඇති නව ව්‍යාපෘති වේ. ඒ යටතේ සෞඛ්‍යය, අධ්‍යාපනය, පානීය ජලය සැපයීම, මාර්ග සම්බන්ධතා වැඩිදියුණු කිරීම, වාරි පද්ධති වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය හා නගර සංවර්ධන යන ක්ෂේත්‍රයන්ට අදාළව ව්‍යාපෘති ආරම්භ කර ඇත. රට තුළ පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් ගොඩනැඟිලි ද්‍රව්‍ය හා ශ්‍රමිකයින්ගේ හිඟය, ආනයන සීමා කිරීම්, ආගමන හා විගමන සීමාවන් මෙම ව්‍යාපෘතිවල සුමට ක්‍රියාකාරිත්වයට බාධා පැන නැගී ඇත. එසේ වුවද, එම කාර්තුව තුළ රුපියල් බිලියන 448ක් වූ ඉලක්කගත වියදමින් 63%ක මුදලක් අදාළ ව්‍යාපෘති සඳහා වැය කරනු ලැබ ඇත. එකී ව්‍යාපෘති ඉලක්කගත කාලසීමාවන් තුළදී ක්‍රියාත්මක කර ඒවායේ ප්‍රතිලාභ මහජනතාව වෙත ලබා දීමට හැකි වන පරිදි, එම ව්‍යාපෘති සම්බන්ධයෙන් පැන නැගෙන ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා මාසිකව පවත්වනු ලබන ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීම්වලට ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වය ලබා ගැනීම පිණිස සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.