• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් පත්කරනු ලැබූ කමිටුවේ අතුරු වාර්තාව ඉදිරිපත් කිරීම
- ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ශනය කර ගැනීම පිණිස පැනවිය හැකි නීතිරීති පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා 2021 ඔක්තෝබර් මස 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, සුජීව මුදලිගේ මහතාගේ සභාපතිත්වය යටතේ සාමාජිකයින් 8 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත් කර ඇත. එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස මෙම රැස්වීමේදී ඉදිරිපත් විය. එම කමිටුවේ අවසන් වාර්තාව 2022 ජුනි මස 30 දින වන විට ඉදිරිපත් කිරීමටත්, කමිටුවට සහාය වීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ කටයුතු කරනු ලබන තවත් තාක්ෂණික වෘත්තිකයන් දෙදෙනෙකු සාමාජිකයින් වශයෙන් පත් කිරීමටත් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.