• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගිතාව හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය පිළිබඳ ගිවිසුම
- ශ්‍රී ලංකා රජය හා වියට්නාම රජය අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් ලෙස‍‍‍‍ දෙරට අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය පරිපාලන සහාය හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ අනුව, වෙ‍ෙළඳ ගනුදෙනු පිරිවැය අඩු කිරීම, දේශසීමා ආශ්‍රිත බදු නිරවද්‍ය ආකාරයෙන් ගණනය කිරීම හා එක්රැස් කිරීම, සීමා කිරීම්වලට යටත් කරනු ලැබ ඇති භාණ්ඩ හුවමාරු වීම් තහනම් කිරීම, සීමා කිරීම හා පාලනය කිරීම පිළිබඳ රෙගුලාසි පැනවීම ආදිය සඳහා ද‍ මෙම යෝජිත වෙ‍ෙළඳ ගිවිසුම දායක වනු ඇත. ඒ අනුව, දෙපාර්ශ්වය විසින් එකඟතාවයකට පැමිණ ‍ඇති යෝජිත ගිවිසුමට එළඹීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.