• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික රථ වාහන ගමනාගමන දත්ත සමුදාය වැඩිදියුණු කිරීම සහ ධාරිතා වර්ධනය
- මාර්ගවල ගමන් ගන්නා වාහන ප්‍රමාණය වැඩිවීමත් සමඟ ජාතික මහා මාර්ගවල, විශේෂයෙන්ම කොළඹ නගරය තුළ පවතින මාර්ගවල රථ වාහන කළමනාකරණය සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පැන නැගී තිබේ. ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ දැනට පවතින දත්ත යාවත්කාලීන කිරීම පිණිස කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහාය ලබා ගැනීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ඉල්ලීමක් මේ වන විට ඉදිරිපත් කර ඇත. යෝජිත වැඩසටහන යටතේ මහාමාර්ග අමාත්‍යාංශය විසින් ජාතික මට්ටමේ රථවාහන ගමනාගමන දත්ත කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමටත්, රථ වාහන ගමනාගමන දත්ත එකතු කිරීම සඳහා පදනමක් ස්ථාපිත කිරීමටත්, ස්වයංක්‍රීය රථවාහන ගමනාගමන දත්ත පද්ධති කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීමටත්, රථවාහන ගමනාගමන ඉල්ලුම වි‍ශ්ලේෂණය කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කෙරේ. ඒ සඳහා, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙතින් ප්‍රදානයක් සලසා ගෙන "ජාතික රථ වාහන ගමනාගමන දත්ත සමුදාය වැඩිදියුණු කිරීමේ සහ ධාරිතාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කිරීම පිණිස සහ එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තහවුරු කරමින් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සහ මහාමාර්ග අමාත්‍යාංශය අතර සාකච්ඡා වාර්තාවක් අත්සන් තැබීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.