• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත සංශෝධනය කිරීම
- යම් තැනැත්තෙකු විසින් නිසි පරිදි ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ වැරදීමකින් ප්‍රේෂණය කරනු ලැබූ යම් මුද්දර ගාස්තුවක් හෝ දඩයක් ආපසු ගෙවන ලෙස කරනු ලබන හිමිකම් පෑමක් ඉදිරිපත් වූ විට වැඩිපුර හෝ වැරදිමකින් ගෙවූ මුද්දර ගාස්තුව හෝ දඩය ආපසු ගෙවීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කරමින්, 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2021 පෙබරවාරි මස 15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.