• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත
- රජයේ ආයතන, බැංකු, දුරකථන ‍පහසුකම් සපයන්නන් හා රෝහල් වැනි ‍ ආයතන විසින් පෞද්ගලික දත්ත රැස්කර ඒවා ප්‍රයෝජනයට ගනු ලැබීමේදී එකී දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමට අවශ්‍ය වන විධිවිධාන සැලසීම පිණිස පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කෙටුම්පත් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.