• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන්යානා සඳහා ගමනාන්ත ගුවන්තොටුපොළ 21කදී ඉන්ධන සපයා ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනයන් පිරිනැමීම
- ලොව පුරා ගුවන් තොටුපොළ 21කදී (ගමනාන්ත) ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානාවලට ඉන්ධන සපයා ගැනීම සඳහා වන ආයතනයන් තෝරාගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. අදාළ ප්‍රසම්පාදනයන්හි වලංගු කාලසීමාව මාස 12 සිට 24 දක්වා වන අතර, ගුවන්තොටුපොළ 21 සඳහා ප්‍රතිචාරාත්මක ලංසු 26ක් ලැබී තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ගමනාන්තයන් 21ට අදාළව තෝරා ගන්නා ලද ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.