• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම
- ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡා මාලාවකින් අනතුරුව පාරදෘශ්‍ය හා පුරෝකථනය කළ හැකි රේගු ක්‍රියාපටිපාටියක් ඔස්සේ නෛතික වෙ‍ළෙඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම පිණිස දෙපාර්ශවය අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබීමට එකඟ වී ඇත. වෙළෙඳ ගනුදෙනු පිරිවැය අඩු කිරීම, දේශ සීමා ආශ්‍රිත බදු නිරවද්‍ය ආකාරයෙන් ගණනය කිරීම හා එක්රැස් කිරීම, සීමා කිරීම්වලට යටත් භාණ්ඩ හුවමාරු වීම පාලනය කිරීම, තහනම් කිරීම හා එයට අදාළ රෙගුලාසි පැනවීම ආදිය සඳහා මෙම ගිවිසුම දායක වනු ඇත. ඒ අනුව, යෝජිත ගිවිසුමට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.